gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ‘දියව් දියව් ඡන්ද දියව්…!’ සජබ-ජවිපෙ-වතුකරේ-උතුරු නැගෙනහිර පක්ෂ-ස්වාධීන කණ්ඩායම්! මුලු විපක්ෂයම එක දවසක කොළඹ එන්න සූදානම්!

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ තෝරාගත් එක් දිනයක පෙළපාළියකින් පැමිණ කොළඹ නගරයට ඇතුළු වී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 
මේ දිනවල ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.
 
මේ සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, උතුරු නැගෙනහිර ද්‍රවිඩ පක්ෂ සහ වතුකරය නියෝජනය කරන සුළු පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන කණ්ඩායම්ද එක්වීමට දැනටමත් එකඟතාව පළකොට ඇති බව පැවැසේ.
 
මෙම සාකච්ඡාවලදී කොළඹට ජනතාව ගෙන එන්නේ කෙසේද, රැලි පවත්වන්නේ කොතැනද, ඊට ජනතාව සහභාගි කරවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනතා විමුක්ති පෙරමුණ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටට පැමිණ පළාත් පාලන මැතිවරණය ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණේ එහි ආරම්භක පියවරක් ලෙසය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka