gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ බලතල වැඩි කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙහි පවතින බලතල තවදුරටත් වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමු වි ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා  විසින් පසුගියදා ඉදිරිපත් කර ඇති රටේ ඉදිරි දැක්ම පිළිබඳ සැලසුම මෙහිදී ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී රටේ ආරක්ෂක ව්‍යාපෘතිය පිළිබඳව සංකල්ප පත්‍රිකාවක ද සඳහන් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු සඳහන් කරයි.

මෙම මිලිටරි ව්‍යාපෘතියේ පුළුල් පරාමිතීන් පිළිබඳ මූලික අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මේ වන විටත් දෙනු ලැබ ඇති අතර එම අනුමත කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඊට අදාළ එම සංකල්ප පත්‍රිකාව මඟින් ජනාධිපතිවරයා, මෙම බලතල පුළුල් කිරීමට අදාළ නීති කෙටුම්පත් සම්පාදනය සඳහා නීති කෙටුම්පත් සම්පාදන ආයතනයේ සහය ලබා ගත යුතු යැයි නිර්දේශ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම සංකල්ප පත්‍රිකාව තුළ නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් පිළිබඳව ද යෝජනා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව නව බලතල වැඩි කිරීමේ සංශෝධන 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනතට ඇතුළත් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

එම පුවත්පත් වාර්තාවට අනුව නව සංශෝධන තුළ ඉස්මතු කර ඇති කැපී පෙනෙන දෙයක් වන්නේ තොරතුරු තාක්ෂණය සහ කාර්මික තාක්ෂණය මුසු වුණු ඒකාබද්ධ බලවේගයක් පිහිටුවීමයි. විශේෂයෙන් අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය ඇතුලු සයිබර් අවකාශයේ නිර්මාණය විය හැකි ආරක්ෂාව පිළිබඳ තර්ජන අවම කිරීම සඳහා එම බලවේගය පිහිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන් වේ.




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka