gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“රට වැසියනි එකතුවෙන්න අපි නායකත්වය දෙන්නම්” – මිහින්තලේ හිමියන් මාධ්‍ය ඉදිරියේ හඩා වැටෙයි (VIDEO)

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පෙරේදා (04) මාධ්‍ය වෙත අදහස් පළ කිරීමේදී සංවේදී වුණා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ මිහින්තලයට විදුලිය දෙන්න ආණ්ඩුවට නොහැකි වූ බවත් ආලෝක පූජාවට රුපියල් ලක්ෂ 60ක් ඉල්ලූ බවත් නමුත් ජනතාව එක්ව කෝටියක මුදලක් මේවන විට ලබා දී ඇති බවත්ය.

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව උන්වහන්සේ සඳහන් කළා.

මිහින්තලා පොසොන් ආලෝක පූජාව අවසන් කරමින් පෙරේදා  (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“අති උතුම් මිහිදු මහ රහතන් වහන්සේට ආලෝකය දෙන්න බැරි වුණා. විදුලිය දෙන්න බැරි වුණා ආණ්ඩුවට. විදුලි ආලෝකය ලිමිට් කළා. අන්ලිමිටඩ් කළා අපේ ජනතාව. ලක්ෂ 60ක් ඉල්ලුවා ආලෝක පුජාව කරන්න. ලංකාවේ මිනිස්සු එකතුවෙලා කෝටියක් දුන්නා අද වෙනකොට. සත පනහ රුපියල එකතුකළා මම මේ පාත්‍රය අරගෙන. මිනිස්සු මට මේ පූජාව කරන්න සල්ලි දුන්නා. පාත්‍රා ධාතුව පිහිටුවේ අඹතලා ගලේ. ඒක ජයග්‍රහණය කළා. මට චෝදනා කළා. හඬ පට, ඡායාරූප ඉදිරිපත් කරලා මාව ඝාතනය කරන්න සැලසුම් කළා. ඒ නිසා පොලිස්පතිතුමා හොයන්න ඒ හඬපට හැදුවේ කවුද කියලා. බයත් නෑ. ණයත් නෑ මම. ඒ නිසා සමස්ථ රට වැසියනි එකතුවෙන්න අපි නායකත්වය දෙන්නම්. ඡන්දේ ඉල්ලන්න හොඳ මිනිස්සු අපි යොමු කරන්න ඕනේ. ආගම් අදහාගෙන එයි ඉදිරි මැතිවරණ වලදී . තේරුම් ගන්න බුදු හමුදුරුවෝ අපිට කිව්වේ සිඟාලෝවාද සූත්‍රය. ඔයා කියන්න ඕනේ නෑ අපිට කළමනකරණය කරන්න. ඒ නිසා අපි හොඳටම කළමනාකරණය කරගෙන මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩලා  අති සාර්ථක පෙරහැරක්, ලක්ෂ 5කට වැඩි සෙනඟක් හිටියා. අද මේ වෙනකොට ලක්ෂ 25කට ආසන්න පිරිසක් ආවා දැනුත් වැල නොකැඩී එනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka