gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර ඇතුළු 26 දෙනෙකුට එරෙහිව තහනම් නියෝගයක්!

අද (08) දින රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ජාතික ජන බලවේගය විසින් මැතිවරණය කල් දැමීමට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර ඇත.

එහෙත් එම සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) දින අනුර දිසානායක ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කර ඇත.

කොටා පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් වල උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, පක්ෂයේ සාමාජික විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka