gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ප්‍රචාරක වැඩ ප්‍රසන්න, බන්දුල හා මහින්දානන්ද තුන්කට්ටුවට දීලා!

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාග‌ේ තීන්දුවකට අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමට ආරම්භ කිරීමට නියමිත ප්‍රචාරක වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකුට පවරා ඇතැයි වාර්තා වේ.

ඒ් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන හා මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමග‌ේ යන තිදෙනාටය.

මාධ්‍ය සම්බන්ධීකරණයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න පත් කර ඇතැයි ද පැවස‌ේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාග‌ේ කාලය‌ේ ඉදිකළ  කළ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මෙම ප්‍රචාරක ව්‍යාපෘතියේ සියලු මාධ්‍ය හමු පැවැත්වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද,  එම ස්ථානය ඉදි කිරීමට හා උපකරණවලට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කළත් එම මුදල්ද අදාළ ආයතනවලට මෙතෙක් නොගෙවා නැතැයි ද මේ අතර වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka