gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යෝගා කරද්දී කුඩ ඉහලුවේ ඉන්දියාවෙන්... මගේ සම්බන්ධයක් නෑ - බන්දුල

ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ තමන් ඇතුළු පිරිසකට කුඩ ඉහලනු ලැබුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ සංවිධායකයන් විසින් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ එසේ කුඩ ඉහලීම අවස්ථානුකූලව එම සංවිධායක කමිටුවේ නියෝජිතයන් විසින් සිදුකරන ලද්දක් මිස ප්‍රභූ ආරක්ෂක අංශයේ කිසිවකු ඊට සම්බන්ධ නැති බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය,

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර යෝගා දින සැමරුම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගි වූයේ ඉන්දියානු මහා කොමසාරිස්තුමාගේ විශේෂ ආරාධනාව සහිතවයි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණ ද පෙරදැරි කරගනිමින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේදි ඊට සහභාගි වූ විශේෂ ආරාධිත අමුත්තන් සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබුණේද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය සහිතවයි.

එහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු අමාත්‍යවරුන් සහ ආරාධිතයින් කිසිදු විශේෂ පහසුකමක් ඉල්ලා නොසිටි අතර අනෙකුත් සියලු දෙනා මෙන්ම සාමාන්‍ය ආකාරයෙන් වැඩ සටහනේ ක්‍රියාකාරකම්වලට එක් විය.

වැඩසටහන අතරතුර පෙරවරුවේ ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව අවස්ථාවේ පැමිණ සිටින සියලු දෙනාටම කුඩ ඉහලමින් ආවරණය සැපයීමට සංවිධායක ඉන්දියානු මහ කොමසරිස් කාර්යාලය කටයුතු කරන ලදී.

මෙය කිසිසේත්ම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පමණක් ලබා දුන් විශේෂ සැලකිල්ලක් නොවන අතර, සියලු දෙනා වෙනුවෙන් අවස්ථානුකූලව ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයකි. ඒ සඳහා කටයුතු කරන ලද්දේද සංවිධායක කමිටුවේ නියෝජිතයින් වන අතර ප්‍රභූ ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකු හෝ ඊට සම්බන්ධ වී නොමැත.


එබැවින් මෙලෙස කුඩ ඉහලා වර්ෂාවෙන් ආවරණය කිරීම රාජ්‍ය තාන්ත්‍රික සබදතා තහවුරු කිරීමේ වැඩසටහනකදී සංවිධායක මණ්ඩලය විසින් විශේෂ ආරාධිත අමුත්තන්ගේ පහසුකම් සැලසීම වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක්‌ බව පෙන්වා දෙන්නෙමු.

මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka