gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

උතුම් පොසොන් පුන් පොහොය දිනය අදයි!

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අද (03) යෙදී ඇත.

මගධයේ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන්වහන්සේ ධර්ම දූත පිරිස විසින් බුදු දහම රැගෙන ලංකාගමනය සිදු වූ අතර, එදා සිට නිර්මල බුදු දහම ලංකාවේ ස්ථාපිත විය.

අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.

එකල පැවති ජන සමාජයට උචිත වන පරිද්දෙන් එම සත් කාර්යය සිදු කළ යුතු නිසා අඹ ගස් ගැන ප්‍රශ්නයක් අසමින් රජුගේ ඥානය ගැන කෙටි පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව දහම් දැනුම ව්‍යාප්ත කිරීමේ කාර්යය ආරම්භ කළේය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේද, මහා වංශය ඇතුළු ධර්ම ග්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේද පොසොන් පුන් පොහොය දිනයකදීය.

වර්තමානයේද පොහොය දිනට අනුරාධපුරයට සහ මිහින්තලාවට ලංකාවේ දසදෙසින් ලක්ෂ ගණනක් සැදැහැවතුන් පැමිණෙන්නේ මෙම අවස්ථාව ස්මරණය කිරීමටය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka