gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ දැවැන්ත දුම්රිය අනතුරක්…දැනට මරණ 207යි... 1000කට වැඩි ප්‍රමාණයක් බරපතල තුවාලයි (VIDEO)

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේය. දුම්රිය දෙක එකිනෙක හැපුණේ සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලත්වූයේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන 'කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්' ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ 'යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්' ශීඝ්‍රගාමී මගී දුම්රියයි.

අනතුර සිදුවුණු දුම්රිය දෙකේ, තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද ගැටී ඇතැයි ද පැවැසෙයි. මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 600 ක පිරිසක් යෙදවුණු බව ද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka