gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අස්වැසුම ඇවිලෙයි! මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීට හූ කියා එළවලා දායි!

අස්වැසුමෙන් සමෘද්ධි දීමනා අහිමි වූ 2500ක පමණ ජනතාවක් අද දිනයේ පොලොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය හරස් කොට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වීමට පියවර ගත්හ.

මෙහිදී පිරිස පැය 5කට ආසන්න කාලයක් තම දුක්ගැනවිලි කියමින් විරෝධතා පවත්වද්දී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා එම ස්ථානයට පැමිණ පිරිස සමග සාකච්ඡා කිරීමට කටයුතු කළේය.
 
මෙහිදී කෝපයට පත් ජනතාව මන්ත්‍රීවරයාට හූ තබා විරෝධය පළ කරද්දී ආරක්ෂකයන් විසින් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළට ගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඒ අනුව මන්ත්‍රීවරයාත් ප්‍රාදේශීය ලේම්වරයාත්, කාර්ය මණ්ඩලයත් පැයකට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට පිරිස කටයුතු කළහ.
 
පසුව මන්ත්‍රීවරයා ලබන ජුලි මස 10 වන දිනට ප්‍රථම‌ මෙම ප්‍රශ්නය විසදන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු පිරිස විසිර ගියහ.

ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka