ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඇතුළේ ගැටුම් ඇතිකොට එහි පිරිසක් ආණ්ඩු පක්ෂයට ගෙන නව දේශපාලන පෙරමුණක් ගොඩනැගීම සඳහා පසුගිය සති කිහිපය පුරා ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව විසින් දියත් කර තිබූ මෙහෙයුම මේ වන විට අවසන් වී ඇති බවක් දැනගන්නට තිබේ.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට භාරදී තිබුණේ කැබිනට් අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා යන මහත්වරුන්ටය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලක් රැඳී සිටි මලලසේකර මාවතේ නිල නිවෙස මෙම මෙහෙයුම සඳහා ලබාදීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු කොට තිබිණි.
ඒ අනුව ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ කොට සාකච්ඡා පැවැත්වීමේ මෙහෙයුම මෙම නිවෙසේ සිට දියත් විය.
ඒ අනුව ජනාධිපතිවරයා සමග පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධ කොට සාකච්ඡා පැවැත්වීමේ මෙහෙයුම මෙම නිවෙසේ සිට දියත් විය.
ඊට අවස්ථා දෙකකදීම විරෝධය පළකළ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ සාකච්ඡා සඳහා කැඳවනවා නම් ඒ බව නිල වශයෙන් පොහොට්ටුවට දැනුම් දෙන ලෙසය.
නමුත් එය නොතකා පසුගිය සඳුදා දිනයේදීද මෙවැනි සාකච්ඡාවක් කැඳවීමට ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නිමල් ලන්සා ඇතුළු පිරිස පියවර ගත්තද, එම සාකච්ඡාව වර්ජනය කිරීමට පොහොට්ටුව නිල වශයෙන් තීරණය කොට තිබිණි.
පොහොට්ටුවෙන් එල්ල වූ මෙම ප්‍රතිචාරය හමුවේ අවසානයේදී ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ මෙම සාකච්ඡා කැඳවීමේ බලය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසගෙන් ඉවත්කොට නිල වශයෙන් අගමැති කාර්යාලය හරහා සිදුකිරීමටය.
ඒ අනුව, පසුගිය බදාදා තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ ප්‍රධානීන් අතර පැවැති අතර, එහිදීද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් අතරමැදි පුද්ගලයන් හරහා සිදුකරන කැඳවීම් ඔස්සේ පොහොට්ටුව ඇතුළේ අනවශ්‍ය බෙදීම් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා සාකච්ඡාව අවසානයේදී ප්‍රකාශ කොට තිබුණේ මේ ආකාරයේ සියලු පක්ෂ නියෝජිතයන් අතර සිදුකරන සාකච්ඡාවක් මසකට වරක් පැවැත්විය යුතු බවත්, එය නිල වශයෙන් සිදුකරන ආරාධනාවක් මත පැවැත්වීමට කටයුතු කරන බවත්ය.