gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බීලා ආපු සුරාබදු නිලධාරීන් 20ක් විතර ONE GALLEFACE හෝටලයේ යකා නටයි! හෙල්මට් එකක් හොරකම් කරන්න හදලා මාට්ටු වුණාම පීසා ෂොප් එකේ ප්‍රධාන කෝකියාට බිම දාගෙන ගහලා! (VIDEO)

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ රාත්‍රියේ පහරදී ඇති බව පොලිසිය පවසයි. 
පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සඳහන් කළේය.
 
කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ 6 වැනි මහළෙහි පිහිටි පීසා ආපන ශාලාවකදී ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගෙන තිබුණි.

එහි සේවය අවසන් කර ඉන් පිටව යාම සඳහා එක් සේවකයෙකු තම හෙල්මටය අසල වූ මේසයක් මත තබා තිබේ.
 
ඒ අතරතුර පැමිණි සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෙල්මටය රැගෙන යෑමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ඒ සමග අදාළ ආපන ශාලාවේ කළමනාකාරවරයා හා එහි ප්‍රධාන කෝකියා , අදාළ නිලධාරීන් කණ්ඩායම සමග බහින්බස්වීක් ඇති වී තිබේ.
 
ඒ අතරතුර සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන කෝකියාට පහරදීමට උත්සාහ දරණ අයුරු CCTV කැමරාවක පටිගතව තිබුණි.

එහිදී සුරාබදු නිලධාරීන් අතර ඇතිවන පොරබැදීමේදී ඔවුන් අවස්ථා කිහිපයකදීම බිම වැටෙන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.
 
අනතුරුව 15 දෙනකුගෙන් පමණ සමන්විත සුරාබදු නිලධාරීන් පිරිස එම ස්ථානයෙන් ගොස් නැවත පැමිණ එහි ප්‍රධාන කෝකියාට බිම දමාගෙන දරුණු ලෙස පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ද මේවන විට තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවය.
 
මේවන විට ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka