gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සෞඛ්‍ය අමාත්‍යංශයේ විතරක් වාහන 1794කට වෙච්ච දෙයක් නෑ! සමහරු ගෙදර අරන් ගිහිල්ලා! කෝපා කමිටුවේදී වාහන ගැහිල්ලක් ගැන මාර කතා ටිකක් එළියට ඇවිත්!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අමාත්‍යාංශයේ වාහන 259 බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
 
මේ වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් එහිදී පැවසුවාය.
 
ඒ අනුව මේ වාහනවලට අදාලව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයිද ඇය වැඩිදුරටත් කීවාය.
 
මේ වැඩපිළිවෙළ හරහා වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පැවසූහ.

යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මේ යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවද සඳහන් කළහ.

ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
 
ඒ යතුරු පැදි සම්බන්ධයෙන්ද ඉදිරි කටයුතු කරගෙන යන බව එහිදී සඳහන් විය.
 
මේ වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා ලියාපදිංචිවූ වාහන බව කෝපා කමිටුව පවසයි.

වාහන පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කළේ එම පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන බවයි.

වාහන අස්ථානගතවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
 
මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka