දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ජනතාවගේ බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන්නේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු බියක් ඇතිකර යුතු නැති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනට් මණ්ඩල රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුවද ලබාදීමට හැකියාව ඇති බවද එහිදී කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
මීට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා ජූලි මස පළවෙනිදා සූදානම් කර ඇති අතර අවශ්‍ය නම් එය තවත් දිනක් වුවද විවාදයට ගැනීමට අවස්ථාව දිය හැකි බවද හෙතෙම සඳහන් කර තිබේ.
විවාදයෙන් අනතුරුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙන නිසා මෙම සතිය තුළ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැතිඇමතිවරුන්ට දැනුම් දී ඇත.