අස්වැසුම ප්‍රශ්න වහාම විසඳගත්තේ නැත්නම් අපිටත් පාරේ බැහැලා යන්න බැරිවෙයි! පක්ෂයටත් ලොකු හානියක්! හිටපු ජනපති මහින්දත් අස්වැසුම ප්‍රශ්නයට අත දමයි!
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ දී මතුව තිබෙන ගැටළු වහා විසදීමට මැදිහත්වන වන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ගෙන් ඉල්ලා ඇති බව, මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටළුව, දුරදිග ගියහොත්, ඉදිරි මැතිවරණ කටයුතු සහ පක්ෂයේ අනාගතයට එය අහිතකර ලෙස බලපෑ හැකි බව ඔහු පවසයි.
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ දී අසාධාරණයට ලක්ව සිටින්නේ මේ රටේ අහිංසකම ජන කණ්ඩායම බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා, තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටියේ එම ජනතාව බවද පවසයි.
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමේ දී අසාධාරණයට ලක්ව සිටින්නේ මේ රටේ අහිංසකම ජන කණ්ඩායම බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා, තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටියේ එම ජනතාව බවද පවසයි.
මේ වන විට දිස්ත්‍රික් මට්ටමෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීම් පැවැත්වෙන බැවින්, අස්වැසුම ප්‍රතිලාභ බෙදා දීම සම්බන්ධයෙන් මතුව තිබෙන විරෝධතා, එම රැස්වීම් සදහා සහභාගී වන පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
අස්වැසුම ප්‍රශ්න වහාම විසඳගත්තේ නැත්නම් අපිටත් පාරේ බැහැලා යන්න බැරිවෙයි! පක්ෂයටත් ලොකු හානියක්! හිටපු ජනපති මහින්දත් අස්වැසුම ප්‍රශ්නයට අත දමයි!
2023-06-27T11:59:00+05:30
Lanka Hot News





