gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව ඉල්ලයි! මාධ්‍යයටත් දොස් කියයි

අජාන් බ්‍රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ අපහසුතාව ගැන උන්වහන්සේගෙන් සමාව අයැද සිටින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

තමා යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගැනීම වගකීමක් බවද  ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත් ඒ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය පත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ පරීක්ෂණයේදී අතපසුවීම සිදුවුයේ කාගේ අතින් දැයි දැනගත හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් මින්පසු ඇති නොවීමට වගබලා ගන්නා බවද සඳහන් කළා.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙසේද කියා සිටියා.

“අද රටේ කොහේ හරි සිද්ධියක් වුණාම මාධ්‍ය කරන්නේ ඒකට දේශපාලඥයෙක් ඈදා ගන්න එක. අගමැතිතුමා ගියේ වෙනම පරියන්තයකින්. එතුමා ඒ පැත්තට ආවේවත් නෑ. මම හිටියේ වෙන පර්යන්තයක. මුලින්ම අගමැතිතුමාට මඩ ගැහුවා. පස්සේ මට මඩ ගැහුවා. මේ නිසා තමයි මාධ්‍ය නියාමන පනතක් මේ රටට අවශ්‍ය වෙන්නේ. මාධ්‍ය වල්බූරු විදිහට හැසිරෙනකොට වැඩ කරන්නේ කොහොමද. අපේ වැරදි පෙන්වලා දෙන්න. ඒත්  ප්‍රවෘත්ති හදන්න එපා. තියෙන ප්‍රවෘත්තිය විකාශනය කරන්න. මේ සිද්ධියේදී  සමහර මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කළා. රටට ඇති වෙච්ච අපකීර්තියට ඒ මාධ්‍ය ආයතන  වගකියන්න ඕන.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka