gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඩයනාගේ කේස් වෙනස් ගීතාගේ කේස් වෙනස්” – ඩයනා මැතිසබේ දෙවනත් කරයි! තුෂාර ඉදුනිල් එක්ක මත ගැටුමක (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අතර අද(06) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

“ඩයනා නෝනගේ නඩුව අද කල් දාලා තියෙනවා. අද තමා තීන්දුව දෙන්න තිබුණේ ඒත් එක් කල් ගිහිල්ලා. මේ රටේ පුරවැසිභාවය නැති ජාතකේ පිළිබඳ හරි හමන් ලියවිල්ලක් නැති. ජාතකේ කියන්නේ උප්පැන්න. ඩයනා මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය නීත්‍යානුකූලද නැද්ද යන්න මේ රටේ පොඩි දරුවෙකුට පවා පෙනෙනවා. එතුමිය විශාල වැරද්දක් කරලා තියෙනවා. මේරටේ ජනතාව රවට්ටලා තියෙනවා. නීතිය නොමග යවලා තියෙනවා. විශාල වැරද්දක් කරලා තියෙනවා.” යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ප්‍රකාශ කළා.

ඩයනා නෝනා ආශීර්වාද ලත් තැනැත්තියක් බවත් එතුමියගේ නඩුව අද දවසෙත් කල් දමා ගෙන ඇති බවත් ගීතා කුමාරසිංහ මහත්මිය මෙවැනිම පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයේදී එතුමිය ඉවත් වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එහිදී ඊට පිළිතුර දුන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ “මේ පාර්ලිමේන්තුව ඩයනා ගමගේ ගැන නෙමෙයි. පාර්ලිමේන්තුම මේ රටේ මහජනතාව ගැන. ඩයනා ගමගේගේ කේස් වෙනස් ගීතා කුමාරසිංහගේ කේස් වෙනස් ඔබතුමා නඩුකාරයා වෙන්නත් එපා. නීතීඥයා වෙන්නත් එපා. ඔබතුමා ඔබතුමාගේ කතාව පවත්වාගෙන යන්නකො.”

ඩයනා ගමගේගේ වෙනස සහ ගීතා කුමාරසිංහගේ වෙනස තමා නොදන්නා බවද තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka