gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙහේ කැබිනට් එකෙන් සම්මත කළාට ජපානයෙන් අනුමත කරලා නෑ! ඉස්සෙල්ලාම ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එන්න! මාළඹේ-කොටුව උඩින් යන දුම්රිය ගැන ජපානයෙන් කොන්දේසියක්!

ජපානයේ මූල්‍යාධාර ලබන සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පැවසුවේ ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ණය ව්‍යාපෘතියක් දියත් කිරීම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳා පවතින බවයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මූල්‍යකරණය කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබා දුන්නේය.
 
මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය යහපාලන රජය සමයේදීය. කෙසේ වෙතත්, 2020 සැප්තැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය අහෝසි කළේය.
 
පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට උත්සාහ කළේය.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා තිබුණේ, විනිවිදභාවයෙන්, සමාන ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සියලු ණයහිමියන් සමඟ ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවට වැදගත් බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka