ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව සමගි තරුණ බලවේගය විසින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
ඒ මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ වීරවංශ මහතා විසින් එළිදක්වන ලද ‘නවය සැඟවුණු කතාව’ යන කෘතිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි.
අරගල සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්ථාවරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා බරපතළ චෝදනා එල්ල කර ඇති බවටත් එවකට හමුදාව ජනාධිපති වරයාගේ අණ පිලි නොගත් බවත් ඇමෙරිකානු තානාපතිගේ පදයට නැටූ බවටත් චෝදනා එල්ල වන බව ඔවුන් කියා සිටියි.
වීරවංශ මහතාගේ ප්‍රකාශය පිටුපස ඇති චේතනාව නම් ඇතැම් හමුදා නිලධාරීන් හා ආරක්ෂක අංශ වල කීර්ති නාමයට කැළලක් සිදු කිරීම බවද ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සඳහන්ය.