gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“මේවා NGO සල්ලි” – වෙල්ගමගෙන් අනාවරණයක්!

අරගලයට මුදල් වියදම් කළේ එන්.ජී.ඕ වලින් බවත් මේ විට බුදුන්ට අහහස කිරීම පිටුපස මෙම එන්.ජී.ඕ කණ්ඩායම් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් පවසා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“සැබෑ අරගලකරුවන් නෙමෙයි දැන් ඉන්නේ. මුදල් පිටිපස්සේ යන අය ඒගොල්ලො නැවතුනා. ඒගොල්ලො තමයි එන්.ජී.ඕ කාරයොත් එක්ක මේ අරගලය පිටිපස්සේ ඉන්නේ. සමහර අය කෑවා බිව්වා, එතන වෙනත් වෙනත් දේවල් කරා. දේශපාලකයොත් සම්බන්ධයි. හිටපු නායකයොත් සම්බන්ධයි. බුදුන්ට අපහාස කරනවා. දැන් ඒකත් කරනවනේ. ඒ තවත් කණ්ඩායමක්. ඒත් සල්ලී වලට. මේ හදන්නේ රටේ ලොකු කැළඹීමක් ඇති කරන්න. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලට උදව් කරන්න ගියොත් ඔයිට වැඩිය ඉක්මණින්ම පන්නනවා. මේක පිළිකාවක්. දැක්කනේ සල්ලි වලට ගියපු කණ්ඩායම් දැන් පක්ෂ වලට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ එකිනෙකා චෝදනා කරා. අපේ පක්ෂෙත් නම ගාව ගන්නවා කවුද, දනිස් අලී. දනිස් අලී අපේ පක්ෂේ කෙනෙක් නෙමෙයි. අපේ පක්ෂේ මූලස්ථානයට ඇවිල්ලවත් නෑ. ඒ වගේ අය තමයි දැන් අරගලයේ නායකයෝ. මේ වගේ අය පාර්ලිමේන්තුව ඇතුළට ආවොත් උනුත් අපි වගේ තමයි පේන්නේ. උන්ව පන්න ගන්න ඕනේ ඉස්සෙල්ලම. මේ ප්‍රශ්නේ ඇති කරන්න උපදෙස් දුන්නේ සියළුම විදේශ කණ්ඩායම්. පක්ෂ වලට පවා ජාත්‍යන්තර රටවල් වලින් උදව් කරනවනේ. ඒ උදව් කරන්නෙ ආණ්ඩු පක්ෂයට නෙමෙයි. ආණ්ඩුවට විරුද්ධව පෙළගැහෙන පක්ෂවලට.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka