gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්, සජිත් ගිය උත්සවයේ මූල්‍ය දායකත්වය දී ඇත්තේ පිරමීඩ සම්පත්ලායි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙනි මැයි 28 වනදා පැවති මහියංගන රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය හා නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමේ සහ පූජා භූමියක් වශයෙන් සන්නස්පත්‍ර පිරිනැමීමේ උත්සවයේ කටයුතුවලට මුල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති ඔන්මැක්ස් ඩී.ටී. ආයතනය බව ‘අනිද්දා’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

සම්පත් සඳරුවන්ට විහාරස්ථානයෙන් සමරු සම්මානයක්

මහියංගන රජමහ විහාරයේ මැයි 28 වැනි දා පැවති එම විවෘත කිරීමේ උත්සව අවස්ථාවේ දී එහි චෛත්‍යය ප්‍රතිසංස්කරණයට, නව බුද්ධ ප්‍රතිමා ඉදිකිරීමට, වලාකුළු බැම්ම ඉදිකිරීමට හා එදින උත්සවය කටයුතු සඳහා ශ්‍රම, බුද්ධිමය හා මූල්‍යමය දායකත්වය ලබාදුන් පුද්ගලයන්ට සමරු සම්මාන පිරිනැමීම ද සිදු වූ අතර එහිදී මේ වන විට බැංකු ගිණුම් අත්හිටුවා විදේශගතවීම් පවා තහනම් කර ඇති ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ ප්‍රධානියා ලෙස සැලකෙන සම්පත් සඳරුවන්ට සම්මාන පිරිනැමීමක් ද සිදුවිය.

ඒ එදින උත්සවයෙන් මූල්‍ය දායකත්වය වෙනුවෙන් හා මහියංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මූල්‍ය දායකත්වය වෙනුවෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි 31 දින මහජනයාට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බැංකු පනත යටතේ සිදු කළ විමර්ශනයකදී තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ආයතන අටක් (08) හඳුනාගෙන ඇති බවත් ඒවා ආයතනයට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයාට දන්වා ඇති බවත් ය.

එම තහනම් ලයිස්තුවේ ඔන්මැක්ස් ඩී.ටී. ආයතනය ද වෙයි.  එහි අනෙකුත් ආයතන වන්නේ ටියන්ස් ලංකා හෙල්ත් කෙයාර් පුද්ගලික සමාගම, බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම,  ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම, මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, වී.එම්.එල්. ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම, ෆාස්ට් ත්‍රි සයිකල් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම, ස්පෝර්ට්ස් චේන් සමාගම යි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ එම වාර්තාව පදනම් කරගනිමින් ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයට එරෙහිව ‍කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී වාර්තාවක් ගොනුකර තිබෙන අතර ඒ බැංකු පනත හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ ය.

එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමීඩ මුදල් වංචා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඒ අනුව පසුගිය මාර්තු 28 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයට සම්බන්ධ බැංකු ගිණුම් පනස් හතක් (57) අත්හිටුවා පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

එමෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයට මූල්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් සමරු සම්මානයෙන් පිදුම් ලැබූ ඉහත සඳහන් සම්පත් සඳරුවන් ඇතුළු අතුල ඉන්දික ගමගේ, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසංග, සාරංග රන්දික හා ධනංජය ජයාන් යන එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පිරිසට විදේශගත වීම තහනම් කළේය.

එම උත්සවයේ කටයුතු වලට මහියංගනය අවට ප්‍රදේශවල ඔන්මැක්ස් ඩී.ටී. ආයතනය වෙනුවෙන් කටයුතු කරන නියෝජිතයින් විශාල පිරිසක් ද සහභාගි වී ඇති අතර ඔවුන් සිය හිතවතුන් හිතවතුන්ට ප්‍රකාශ කර ඇත්තේ රට පුරා තවත් ආගමික ස්ථාන රැසකට මෙයාකාරයෙන් මුල්‍ය දායකත්වය ලබාදීමට එම ආයතනය කටයුතු කරන බවය.

මහියංගන රජමහා විහාරයේ එම උත්සවයේ ආරාධිතයින් ලෙස ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයාට අමතරව, විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක හා තෙනුක විදානගමගේ යන කැබ්නට් සහ රාජ්‍ය අමාත්‍යවරු ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සීඩී වික්‍රමරත්න, දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන හා තවත් පිරිසක් සහභාගී විය.

මූලාශ්‍රය – අනිද්දා පුවත්පත


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka