gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨාට තවත් ලොකු බාල්දියක් පෙරළෙයි! මාතලේ සමූහ මිනීවළේ පරීක්ෂණවලට බාධා කරලා! වසර 5කට වඩා පරණ සියලු පොලිස් වාර්තා විනාශ කරන්න කියලා!

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ දී, ගෝඨාභය රාජපක්ෂ මහතා, එවකට මාතලේ දිස්ත්‍රික්කය තුළ සොයා ගනු ලැබූ සමූහ මිනීවළවල් සම්බන්ධ පරීක්ෂණ කටයුතුවලට බාධා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.  
මෙම චෝදනා එල්ල කරනු ලබන්නේ, ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සහ අතුරුදන්වූවන්ගේ පවුල් විසින් පිහිටුවාගෙන තිබෙන සංවිධාන විසිනි.
 
ඔවුන්, පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද වාර්තාවකින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉහත චෝදනාව එල්ල කර තිබේ.

2013 වසරේ දී මාතලේ දිස්ත්‍රික්කයෙන් සමූහ මිනීවළවල් සොයා ගනු ලැබූ අතර, එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, මාතලේ පොලිස් ස්ථානවල ඇති වසර පහකට වඩා පැරණි සියළු වාර්තා විනාශ කර දමන ලෙසට උපදෙස් දී ඇතැයි අදාල වාර්තාව හෙළි කරයි.

මාතලේ දිස්ත්‍රික්කයෙන් සොයා ගනු ලැබූ සමූහ මිනීවළවල්, 88-89 භීෂණ සමයට සම්බන්ධ ඒවා බව විශ්වාස කරයි.
එම යුගයේ දී – 89 දී – ගෝඨාභය රාජපක්ෂ හමුදා නිළධාරියෙකු වූ අතර, මාතලේ දිස්ත්‍රික්කය තුළ – තරුණ කැරැල්ල මර්දනය කිරීම සදහා ඔහු සක්‍රීයව මැදිහත් වී ඇති බව පැවසේ.


සමූහ මිනීවළවල් සම්බන්ධ විමර්ශනවලට බාධා කිරීමට අදාලව, ගෝඨාභයව රාජපක්ෂ මහතාටත්, උසස් පොලිස් නිළධාරීන්ටත් එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද අදාල වාර්තා ඉල්ලා ඇති බව පැවසේ.

- mawratanews


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka