gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘අස්වැසුම’ සමග බැසිල් අනාත වෙන හැටි

‘සමෘද්ධි යාන්ත්‍රණය ජූලි පළවෙනිදායින් පස්සේ අහෝසි වෙනවා. කොටින්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද මැෂිමට තෙලුත් නැතිවෙනවා. මැෂිමත් බුම්බත් වෙනවා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් වෙත පිළිගැන්වීම දීප ව්‍යාප්ත ව සිදු කිරීමට සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පසුගිය මැයි 22 එක්සත් ජනරජ පෙරමුණ දියත් කළාට පසු අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් රටේ දැන් මේ වර්තමානයේ සිදුවෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙල නිසා රටේ ඇතිවෙලා තිබෙන නොසන්සුන්තාවය වගේ වර්තමාන දේශපාලන කරුණු පිළිබඳ, ආගමික බෞද්ධ, ඒ වගේම කතෝලික, කිතුනු, හින්දු, ඉස්ලාමීය ආගමික නායකයින් හා සමාජයේ වැදගත් පුද්ගලයින්, නාමධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් රට වටේම ගෙනියන්න. එතකොට අද රටේ දිස්ත්‍රික් 18 ක එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයන් මේ වැඩපිළිවෙළ දියත් කරලා තියෙනවා. ඒ වගේම ලබන මස, ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳන් අපි ආරම්භ කරනවා රට පුරාම අපේ දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට. අපේ සංවර්ධන මාසයක් නම් කරලා තියෙනවා ජූලි මාසේ. ඒ ජූලි මාසය ඇතුළත නව සාමාජිකයන් බඳවා ගැනීමත් දිස්ත්‍රික් මට්ටමෙන්, ආසන මට්ටමෙන්, පළාත් පාලන කොට්ඨාශ මට්ටමෙන්, සංවිධායකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියත් අපි දියත් කරනවා. ඒක කොළඹ නව නගර ශාලාවෙන් අපි ආරම්භ කරනවා, ජූලි පළවෙනිදා.”

ආණ්ඩුව ෆේල් ද?

ආණ්ඩුව ෆේල් ද නැද්ද කියලා ජනතාව තීරණය කරයි. නමුත් මේ දැන් පවතින තත්ත්වය බොහොම තාවකාලික තත්ත්වයක්. මේකෙන් උදම් වෙන්න බැහැ අපිට. මේ මාසේ අග වෙනකොට දැනට ආණ්ඩුව ලබාදීලා තියෙන වාර්තා අනුව ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගත කරන්න. කලින් කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නෑ කියලා. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක් මේ මාසේ ඇතුලත ගේනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේත් කියලා තියෙනවා. ඒ යෝජනාව පාර්ලිමේන්තුවටත් ගේනවා කියලා. ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු දිනයක් පවත්වන බවත් අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් අයට, භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත්ත අයට ඒ වගේම ලංකාවේ බැංකු පද්ධතියට, සේවක අර්ථසාධක අරමුදලට, ශ්‍රී ලංකා මහ බැංකුවට දරුණු මූල්‍ය ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පතු තියෙන අයටත් ලොකු ඒගොල්ලන්ට බලපෑමක් ඇති නොවී ඒ කටයුත්ත කරන බව තමයි ආණ්ඩුව කියන්නේ. නමුත් භාණ්ඩාගාර බිල්පත්වල හා භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරපු අය, බැංකුවල ස්ථාවර තැන්පත් තියෙන අය නෙමෙයි. ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ ආයෝජනයේ කොටසක් අහිමි වෙන්න ඉඩ තියෙනවා. එතකොට කොහොමද මේ. බැංකු පද්ධතියේ මොකක් හරි තීරණාත්මක වැරැද්දක්. බැංකු පද්ධතියට සිදුවෙන දේ තමයි, බැංකු පද්ධතිය ආණ්ඩුවට ඩොලර් වලිනුත් ණය දීලා තියෙනවා. ඒ වගේම පද්ධතිය ආණ්ඩුවට රුපියල් වලිනුත් ණය දීලා තියෙනවාඒ කියන්නේ බැංකු පද්ධතිය ආණ්ඩුව නිකුත් කරපු අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර මිලදී අරන් තියෙනවා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලදී ගෙන තියෙනවා. ඒ වගේම අර ඒවායේ පවත්වාගෙන ගිය විදේශ විනිමය ඒකක වලින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට පිටරට ඉදන් සල්ලි එවනවා අපේ මිනිස්සු. අන්න ඒ සල්ලි ආණ්ඩුවට ණය හැටියට දීලා තියෙනවා. මේ විදිහට ඩොලර් කෝටි 350 ක පමණ ණය ආණ්ඩුවට දීලා තියෙනවා. ඉතින් ඒ ණය එනවා ප්‍රශ්නයක්. ඊළඟට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් මේ වෙනකොට අඩක් පමණ පුද්ගලයන් විසින් තමයි මිලදීගෙන තියෙන්නේ. මහ බැංකුව සතුව තියෙන්නේ අඩයි. ඒ ඒ අය සියලු දෙනාට බලපානවා. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල, විසි හය ලක්ෂයක් පමණ ඒකට දායක වෙලා තියෙනවා මේ මොහොතේ. ඒ වගේම ගිණුම් තවත් දස ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් තියෙනවා. ඒවා ආයෝජනය කරලා තියෙන්නෙත් ශ්‍රී ලංකා ආණ්ඩුවට ණය දීලා. ඉතින් ඒවයෙත් අනිවාර්යෙන්ම ඒ සේවක අර්ථසාධක අරමුදලට මේකෙන් බලපෑමක් එල්ල වෙනවා.

එක්සත් ජනරජ පෙරමුණ හැටියට අපි වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ණය අර්බුදෙනුත් ඒ වගේම මේ ආර්ථික අර්බුදයෙනුත් අවුරුදු තුනක් ඇතුළත රට ගොඩනගන මාවතට පිවිසෙන්න. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍ය ප්‍රචාරණවලින් පුම්බන දේශපාලන ව්‍යාපෘතිවලට අහුනොවී කටයුතු කරන්න. නැත්නම් 2019 වෙච්ච වරද ආයෙ ආයෙම වෙන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් නව බලවේගයක් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න එකතු වෙන්න කියලා.

පොදු ජන පෙරමුණ නිවැරදි වෙයි ද?

අපි කවුරුත් පිළිගන්න ඕනේ මේ ආර්ථික අර්බුදය නිසා 12% තිබිච්ච දුප්පත්කම 26% දක්වා ඉහළ නැග්ග බව ලෝක බැංකුව කිව්වා. ඒ කියන්නේ ආසන්නයෙන් දෙගුණ වෙලා තියෙනවා දුගියන්ගේ ප්‍රතිශතය. එතකොට ඒ අනුව ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ පමණ රජය වැඩපිළිවෙලක් දියත් කළා. පෝරමයක් නිකුත් කළා දුගියන්ට ඒ පෝරමය අත්සන් කරලා පුරවලා ප්‍රාදේශීය ලේකම්ලාට, සංවර්ධන නිලධාරීන් හරහා භාරදෙන්න කියලා. ඒ අනුව පවුල් තිස් හත් ලක්ෂයක්, තමන් දුප්පත් කියලා ඒ පෝරමය භාර දීලා තියෙනවා. නමුත් අස්වැසුම වැඩපිළිවෙල යටතේ දැනට ආවරණය වෙලා තියෙන්නේ වර්ෂයකට හෝ දෙවර්ෂයකට හෝ තුන් වර්ෂයකට පවුල් විසි ලක්ෂයක් පමණයි. මේකෙන් පවුල් හාර ලක්ෂයකට පමණයි වසර තුනක් අඛණ්ඩව රු. 15,000 ගානේ ලැබෙන්නේ. ඒ වගේම අපි මේ සමෘද්ධි ව්‍යාපාරය කියන එක, දිවිනැගුම, ජනසවිය කියන ව්‍යාපාර දේශපාලන අතකොලු හැටියට ලංකාවේ භාවිතා වුණා. විශේෂයෙන්ම සමෘද්ධිය. එතකොට ඒ සමෘද්ධිය හරහා තමන්ගේ දේශපාලන හිතවතුන්ට, දුප්පත්කම පිළිබඳ නිර්ණායකය වෙනුවට ආධාර ලබාදීමකුත් සිද්ධ වුණා. ඉතින් ඒ අනුව, ඒ අය මේකෙන් ඉවත් වෙන්න ඕනේ.

ඔය කියන ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒවා. ඒ කියන්නේ ඒකක 60 ට වඩා වැඩියෙන් විදුලි පාවිච්චි කරන අය 125 සී. සී. වලට වඩා එන්ජින් ධාරිතාව තියෙන වාහන තියෙන අය. අක්කර බාගෙට වඩා රජයේ ඉඩමක් හෝ පුද්ගලික ඉඩමක් තියෙන අය මේ වගේ නිර්ණායක 22 ක් දුන්නනේ. ඒ නිර්ණායක 22 කට අනුරූපීව පිරිසක් ඉවත් කරලා තියෙනවා පවුල් දාහත් ලක්ෂයක් කියලා කියනවා. ඉතින් ඒකේ යම් දේශපාලන අයුක්තියක්, අසාධාරණයක් වුණා ද කියලා මධ්‍යස්ථව විමසා බැලීම සුදුසුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමහරවිට වේදනාවක් තියෙන්න පුළුවන්. මොකද දේශපාලන වශයෙන් ඔවුන්ට බිමේ බිම් මට්ටමේ දේශපාලනය කරන්න හිටපු යාන්ත්‍රණය, එනම් සමෘද්ධි යාන්ත්‍රණය ජූලි පළවෙනිදායින් පස්සේ අහෝසි වෙන, කොටින්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද මැෂිමට තෙලුත් නැතිවෙනවා. මැෂිමත් බුම්බත් වෙනවා.

– Media unit
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka