gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිනිස්සු දිනුම් ඇදෙන්නේ නෑ කියලා කියද්දීත් ලොතරැයි මිල 100%කින් ඉහළ දැම්මාට විරෝධය පා ‌අලෙවිකරුවෝ ලොතරැයි විකිණීම නවත්වන්න තීන්දු කරයි!

අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසුවේ ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.

එම නිසා ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසයි.


ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka