gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හර්ෂගේ මුදල් කමිටුවේදී ණය ප්‍රතිව්‍යුහගත කරන ‌ආණ්ඩුවේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි! විරුද්ධ වුණේ 5 දෙනයි!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කාරක සභාව රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වී ඇති අතර එහිදී යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 5ක් පමණි.
එම්.ඒ. සුමන්තිරන්, නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, විජිත හේරත් සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කොට තිබේ.

රවුෆ් හකීම් මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ කමිටුවෙන් බැහැර ගොස් තිබිණ.


ඊයේ දින විපක්ෂ්ය නියෝජනය කරමීන් මුදල් කමිටුවට සහභාගී වූ කාවින්ද ජයවර්ධන මහතා අද මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවුණු අතර මයන්ත දිසානායක මහතා දින දෙකේදීම පැමිණ සිටියේ නැත.

මුදල් කාරක සභාවේ අනුමැතියෙන් පසු හෙට (01) පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka