තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි
පාර්ලිමේන්තු මුදල් කමිටුවේ කතා කිරීමට තහනමක් පනවා තිබියදීත් එය නොතකා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීත් මුදල් කමිටු රැස්වීමට සහභාගී වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීම අද දහවල් 2ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබේ.
මෙම රැස්වීම අද දහවල් 2ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ආණ්ඩුවේ යෝජනාව ඊයේ දින සහ අද දින මුදල් කමිටුවට ඉදිරිපත් කොට සම්මත කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණු අතර ඒ හේතුවෙන්ම විපක්ෂනායකවරයා ඊයේ දින මෙම කමිටුවට පැමිණ මේ පිළිබද ප්‍රශ්න කිරීමට තීරණය කොට තිබිණ.
නමුත් ඊට ආණ්ඩු පක්ෂය විසින් දැඩි විරෝධයක් පළ කිරීම නිසා අවසානයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට සභාපති හර්ෂ ද සිල්වා මහතා පියවර ගත්තේය.
එහිදී තීන්දු වී තිබුණේ විපක්ෂනායකවරයාට මුදල් කමිටුවට සහභාගී විය හැකි නමුත් ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදීමටය.
එහිදී තීන්දු වී තිබුණේ විපක්ෂනායකවරයාට මුදල් කමිටුවට සහභාගී විය හැකි නමුත් ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදීමටය.
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි
2023-06-30T16:10:00+05:30
Lanka Hot News