gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමාරුවෙන් හරි බිලෙන් කොටසක් මාස්පතා ගෙවලා! ඒත් ඕමල්පේ හාමුදුරුවන්ගේ පන්සල් දෙකක ලයිට් කපලා!

රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් විහාරස්ථාන දෙකක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබේ. හම්බන්තොට සිරිබෝපුර පිහිටා ඇති ශ්‍රී ධර්මසිංහාරාමය සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදුත යෝගාශ්‍රමයේ විදුලි සැපයුම මෙලෙස විසන්ධි කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ශ්‍රී ධර්මධුත යෝගාශ්‍රමයේ විදුලි බිල රුපියල් අනූ හතර දහසක් වන බවත් සිරිබෝපුර ශ්‍රී ධර්මසිංහාරාමයේ විදුලි බිල රුපියල් විසි දෙදහසක් බවත් එම විදුලි බිල් නොගෙවීම මත මෙම සේ විදුලිය විසන්ධි කරන ලද බවත් මණ්ඩලය කියා සිටියි.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ විදුලි බිලෙන් කොටසක් මාස්පතා ගෙවද්දී මෙලෙස විදුලිය විසන්දි කර ඇති බවයි.

විදුලි ගාස්තු වැඩි කරන පලියට විහාරස්ථානවල බිල වීමට ආදායමක් නැති බවත් මෙම විහාරස්ථානවල බිල්පත් ගෙවනු ලබන්නේ දුප්පත් දායක දායිකාවන් විසින් බවත් උන් වහන්සේ කීහ.
 
මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සෝභිත හිමියන්ගේ විහාරස්ථානයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 6000 පමණ වන බවයි. එය තරු හෝටලයක විදුලි පරිභෝජනයද ඉක්මවන බව අමාත්‍යවරයා පැවසීය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka