gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නතාෂාට කලින් ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න - හිටපු ජනපතිනිය කියයි

නතාෂා එදිරිසූරිය බුදු දහමට අපහාස කළ  පවසා අත්අඩංගුවට ගැනීමට පෙර   ඉස්ලාම් ආගමට අපහාස කළ, පල්ලි කිතුණු දේවස්ථාන සහ මුස්ලිම් පල්ලි ගිනි තැබීමට කටයුතු කළ  ඥානසාර හිමියන් වැනි අය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කරයි.

වෛරී ප්‍රකාශ සිදු කිරීම අතින් ඥානසාර හිමියන් නතාෂාට වඩා විෂම ආකාරයේ බලපෑමක් මුස්ලිම් සහ දමිළ ජනතාවට එරෙහිව සිදුව ඇති බවද ඇය දන්වා සිටී.

අද අළුයම ට්විටර් පනිවිඩයකින් සටහනක් තබා ඇති හිටපු ජනපතිනිය එයින් තවදුරටත් පවසා ඇත්තෙ ශ්‍රි ලාංකික බෞද්ධයින් නියම බෞද්ධ ප්‍රතිපදාවට අනුව ජීවත් වූයේ නම් අද මේ රට මේ තරම් අර්බුදයකට තල්ලු නොවනු ඇති බවය.

එසේම ඇය තවදුරටත් සඳහන් කරන්නෙ බුද්ධාගමට සම්පූර්ණ ගෞරවය ඉහළින්ම ලබා දිය යුතු බවට තමන්ද එකඟ මුත් ඒ සමඟම සෙසු ආගම්වලටද සමානව සැලකිය යුත  බවය.

රටේ සෑම පුරවැසියකුටම තමන් අදහන විශ්වාස කරන ආගම දහම පිළිපැදීමට අයිතියක් පැවතිය යුතු බවත් බෞද්ධයින් ලෙස කරුණාව මෛත්‍රිය සහ උපේක්ෂාව පෙරදැරිව කටයුතු කළ යුතු බවත්  ඇය අවධාරණය කරයි.

එමෙන්ම වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනාවක් මත අනිවාර්ය නිවාඩු යවා සිට යළි සකීය සේවයට පසුගියදා ඇතුළත් කෙරුණු කුරුණෑගල රෝහලේ නාරි හා ප්‍රසව ඒකකයේ වෛද්‍ය සාෆි පිළිබඳව රට පුරා වැරදි මතයක් යවමින් ක්‍රියා කළ අයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් ප්‍රමාද නැති බව ද හිටපු ජනපතිනිය පවසයි


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka