gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජු රාධා බලනේ ඇල්ලූ නවම් මාවතේ බිල්ඩිම රහස් පිරුණු තිප්පොලක්!

ඉන්දීය ජාතිකයකු වන රාජු රාධා නැමැත්තා විසින් බලහත්කාරයෙන් රැඳී සිටින බව කියන කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පනස් දෙනෙකුගෙන් පමණ යුක්ත කණ්ඩායමක් පෙරේදා (03) රාත්‍රියේ සිට ඇතුළු වී එහි බලය අත්පත් කරගැනීමට උත්සාහ කර තිබිණි.

අදාළ ඉන්දියානු ව්‍යාපාරිකයා රැඳී සිටින එම ගොඩනැගිල්ලේ හය, හත මහල්වලට මුල් පිරිස ඇතුළුවීමට පටන්ගෙන ඇත්තේ පෙරේදා (03) රාත්‍රි 10.45ට පමණය.

මුලින්ම පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එයට ඇතුළු වී තිබේ.

ඉන්පසුව ඊයේ (04) පාන්දර 1.00ට පමණ පනහකට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ 6 හා 7 වැනි මහල්වලට නැවත ඇතුළුවී ඇත.

පසුව, ඊයේ (04) අලුයම් කාලයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණ ගොඩනැගිල්ලට ඇතුළුව පිරිස ඉවතට ගෙන ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

ඒම අවස්ථාවේදී ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව මුදාහැරි බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.

එසේම මේ ගොඩනැගිල්ලේ අයිතිය කියන කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් සමාගමේ නිලධාරීන්ගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත.

මේ අතර, අදාළ ගොඩනැගිල්ල බලෙන් අල්ලාගෙන සිටින බවට චෝදනා එල්ල වී ඇති ඉන්දියානු ජාතිකයාට සහාය පළකරමින් ප‌ොලිස්පතිවරයා කටයුතු කර ඇති බවට ද චෝදනාවක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඒ් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමේ පරීක්ෂණයක් කැදවීමට ද කටයුතු කර ඇති බව පැවසේ.

ග්‍රීන් ලංකා ආයතනයට අයත් මහල් නවයකින් යුත් මෙම ගොඩනැගිල්ල එහි මුල් හිමිකරුවන් විසින් කොල්ලුපිටියේ පිහිටි කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ආයතනයට උකස් කර ණය මුදලක් ලබාගෙන ඇත.

එසේ තිබියදී ඉන්දිය ජතික රාජු රාධා නැමැත්තා මෙම ගොඩනැගිල්ල මැලේසියානු සමාගමක් වන ඒ්ෂියා කැපිටල් සමාගම මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන අයුරින් අත්පත් කරගෙන භුක්ති විඳින බවට මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් කල්බදු සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබී ඇත.

කෙසේවුවද, 2014 සිට මෙම ගොඩනැගිල්ල වෙනත් සමාගම්වලට කුලියට දී රාජු රාධා නැමැත්තා විසින් දේශපාලන හා පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහායෙන් රැඳී සිටින බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනක් ද අරඹා තිබේ.

මෙම ආන්දෝලනයට ලක්වූ ගොඩනැගිල්ලේ දේශපාලනයට සම්බන්ධ තොණ්ඩමන් පවුලේ ඥාතීන් පිරිසක්ද, මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) හිටපු අධ්‍යක්ෂ රවී ‌වෛද්‍යලංකාර මහතා හා ඔහුගේ පුතු, මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයාව සිටි උදිත ලොකුබණ්ඩාර මහතාට ද නිවාස ඇතැයි වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ලේ දෙවැනි මහල දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දේවමෙහෙයන් පැවැත්වීම සඳහා කුලී පනදම මත ලබාගෙන එම දේව මෙහෙයන් ඒහි පවත්වන බවද පැවසේ.

එසේම එම ගොඩනැගිල්ලේ කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරියකු වන නලින් ෆොන්සේකා මහතාට අයත් රාත්‍රී සමාජ ශාලාවක් ද ඇති බවද වාර්තා වේ.

එම ගොඩනැගිල්ලේ ඉහලම මහලේ (රූෆ්ටොප්) හි රාජු රාධාගේ දියණියට අයත් කැෆේ එකක්ද ඇති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ලේ සිටින ඇතැමුන්ට කොළඹ ව්‍යාපාරිකයන්ගේ බිරින්දෑවරුන් රවටා රුපියල් කෝටි ගණනක දේපොළ හා ඉඩම් බලෙන් අල්ලාගත් බවටද චෝදනා එල්ල වී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ජාතිකයා විසින් අදාළ ගොඩනැගිල්ලේ ආරක්ෂාව බාරදී ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයෙක් වන බන්දුල නැමැත්තෙකුට බවද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka