gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

තමන්ට පසුගිය දා කටුනායක ගුවන් තොටුපළේ දී  මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විමර්ශනයක් ආරම්භ කරන්නට යන බව  දැන ගත් බවත් මෙම සුළු සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරදීම් අතපසු වීම් සිදු නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරිම ජනාධිපතිවරයා විසින් කළ යුතු ඇති බවත්  අජාන් බ්‍රාහ්ම් හිමියෝ පවසති.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ පැවැති දේශනයකදී මේ ගැන  සඳහන් කර ඇති එහිමියෝ ජනතාවට සමාව දෙන තරමට ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරවිය හැති බව ප්‍රකාශ කළහ.


සිය බෝධිඥාණ ආශ්‍රමයේදී   දී පැවැති දෙසුමකදී අදහස් දැක්වූ අජාන් බ්‍රාහ්ම් හිමියන් එහිදී දැක්වූ අදහස් මෙසේය.


“ ඔබ දන්නවා මම පසුගියදා ආවේ ශ්‍රි ලංකාවේ ඉඳන්. ඒ එන අතරේ මට සිදුවූ සිදුවීම ගැන දන්නවා ඇති. මම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රසිද්ධයි. පසුගිය දවස්වල මම එහි භාවනා වැඩ සටහන් ධර්ම දේශනා රැසකට සහභාගී වුණා. ඒ සඳහා භික්ෂූ භිකෂුණි සහ උපාසක උපාසිකාවන් රැසක් සහභාගී වුණා. මම පැවැත්වූ එක් දේශනයකට 7000ක් පමණ සහභාගී වුණා. ඉතින් මට ආපසු ඔස්ට්‍රේලියාවට  එන ගමනේ දී වී.අයි.පී වරප්‍රසාද යටතේ ගුවන් තොටුපළට ආවා. අවාමයි දැක්කේ ඒ වි.අයි.පී පර්යන්තය මැෂින් තුවක්කු ගත්ත ආරක්ෂකයන්ගෙන් පිරිල තිබුණා. කෙනකුට ඇවිදින්නවත් බැරි තරමට. ඊට පසුව දැන ගත්තා තායිලන්තයේ පැවැත්වෙන ලොකු උත්සවයකට ශ්‍රි ලංකාවේ අගමැති තුමා යන නිසා එතන ආරත්ෂකයන් සිටියා කියලා.

මම මේ වී අයි පී පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ පිරිවිතර සම්පූර්ණ කළා. බෝඩිං පාස් ලබා ගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව හරි. මම එතන සිටින අයට මේ පිළිබඳව දැන්වූවා.  ඔවුන් මට කිව්වේ සියලු දේම හරි යට සිද්ධ වෙයි.  අජාන් බ්‍රාහ්ම් හාමුදුරුවනේ කලබල නොවී ඉන්න කියල.

නමුත් මට තේරුණා ගුවන් යානයේ වෙලාව දැන් ඉක්ම යාමටත් නියමිත බව. ඒ වෙලාවේ එක් සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා.  අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමඟ එම පිවිසුම පාලම ගුවන් යානයේ පිටතට ඉවත් කර ගත්තා.  දැන් කරන්න දෙයක් නැහැ. මා සමඟ ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්ම් හාමුදුරුවන්ට ගුවන් ගමන මඟ හැරීම ගැන එයා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා  සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ. මට අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුණා.

අවසානයේ මට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණා.

මට  මේ හාමුදුවන් දැන්වූවා ඔබ වහන්සේගේ ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රි ලංකා ජනාධිතිවරයා විශේෂ පරීක්ණෂයක් සිදු කිරීමට තීරණය කරල තිබෙනවා කියල වෙබ් අඩවියක පළ කර තිබෙනවා. වී අයි පී පර්යන්තයෙන් ගිය අජාන් බ්‍රාහ්ම් හිමියන්ට ගුවන් යානය මඟ හැරීම ගැනයි මේ පරීක්ෂණ්සනය.

මම එච්චර ලොකු කෙනෙක නෙවෙයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතතුමා කළ යුත්තේ මගෙ ගුවන් ගමන මඟ හැරීමට  ගැන  පරීක්ෂණ කිරීම වෙනුවට මෙලෙස අත්වැරදීම් සිදුකිරීම මඟ හැරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් යෙදීමයි. එහිදී මම යෝජනා කරන්නේ මේ අත් වැරදීම්වලට මිනිසුන්ට ඉඩ දෙන, සමාව දෙන යාන්ත්‍රණයක් හැදීම.


මිනිසුන් ගෙ අත්වැරදීම්වලට ඉඩ දෙන තරමට ඔවුන්ට සමාව දෙන  අය අතින් යළි යළි වැරදි සිදුවෙනවා අඩුයි.
අජාන් බ්‍රාහ්ම් හිමියන් එලෙස ප්‍රකාශ කළහ.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka