gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දට විශ්‍රාම යන්න කාලේ හරි… ලොහාන් රත්වත්තේ කියයි!

තවමත් මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ වුවත් දැන් එතුමා විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලය එළඹ තිබෙන බව  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  පැවසුවේය. රාජ්‍ය ඇමතිවරයා මේ බව අද (22)  නුවරදී කීවේය.  මේ රටට මහින්ද රාජපක්ෂ තරම් සේවයක් කළ වෙනත් නායකයෙකු නොමැති බවත් ද  ඔහු කීය.
ජනපති රනිල් වික්‍රමසිංහ   හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු මතබේදයක් නොමැති බවත් රටේ ජනතාවගේ යහපත පිණිස අවශ්‍යය නම්  එජාපය හා පොහොට්ටුව එක්ව ගමනක් යාමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණයක් ලබා දෙන්නේ ජනතාවට අවශ්‍යය වෙලාවට මිස අරගලකරුවන්ට අවශ්‍ය  වෙලාවට නොවේ යැයි ද ඔහු පැවසුවේය.

බල කිරීම් මගින් මැතිවරණ දිනා ගැනීමට නොහැකි බව විපක්ෂය තේරුම් ගත යුතු යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

ජනතාව ප්‍රත්ක්ෂේප කරන දිනක දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් එසේ නොමැතිව අරගලකරුවන්ට බයේ දේශපාලනය අත් හැරීමට තමන් සූදානම් නැති බවත් ලොහාන් රත්වත්ත ප්‍රකාශ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka