gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දවස් පහක් බැංකු නිවාඩු… ආණ්ඩුව අමුතු ගේමක ද?… බැංකු ක්ෂේත්‍රයේ කැළඹීමක්!

දේශීය ණය   ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධව රට තුළ විසංවාදයක් ඇති වී තිබෙන පරිසරයක ජූනි මස 30 වැනිදා රජය විසින් බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමෙන් මෑත ඉතිහාසයේ දේශීය බැංකු පද්ධතියට  දීර්ඝතම  නිවාඩුව ලබා දීම  මේ වනවිට ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා  බැංකු සහ රජයේ නිවාඩු දිනයකි.  හජ්ජි උත්සවය වෙනුවෙන් එම නිවාඩුව වසර මුල දීම ප්‍රකාශයට පත් වී තිබිණි.


මේ අතර  ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක්   ප්‍රකාශයට පත් කරමින්  රජය විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.  රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන    මෙම  ගැසට් නිවේදනය නිකුත්  කළේය.

ජූලි 01 වැනිදා  සහ ජූලි 02 දා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්ය.

ජූලි මස 03 වැනිදා අධි ඇසල පුන් පොහොය දිනයයි.  මේ අනුව එක දිගට දින  05ක් රටේ  බැංකු පද්ධතිය නිවාඩුය.

එමෙන්ම  මේ වනවිට රජයේ සියලුම පාර්ලිමේන්තු  නියෝජිතයන්ට ලබන 28 සිට 03 වැනිදා දක්වා කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා විශේෂ දැනුම් දීමක් සිදුකර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka