gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කළ ආකාරය ගැන විනිසුරුවෝ මවිත වෙති!

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට පෙර  ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කිරීම අනිවාර්ය වුව ද එය සිදුකර  නොමැති බව පෙනී යන බවත් , මෙම ක්‍රියාවලිය අදහාගත නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ  අද ( 12) විවෘත අධිකරණයේ දී කියා සිටියේය.
මේ බව ප්‍රකාශ වන්නේ  විත්තිකාර ජූඩ් ශ්‍රමන්ත ජයමහට  ජනාධිපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද යළි විභාගයට ගත් අවස්ථාවේදීය.


මෙහිදී  පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන   අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බවය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබූ ජනාධිපති සහකාර ලේකම්වරයෙකු විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේය.
එම ලිපියේ අන්තර්ගත කරුණුවලට අනුව පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය බද්දේගම සමිත, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ යන හිමිවරුන් සහ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ පියතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස වාචිකව හා හමුවී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබූ බව අනාවරණය වන්නේ යැයිද ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

මේ ආකාරයේ ඉල්ලීමක් කිරීමට මෙම පුද්ගලයින්ට පවතින නෛතික බලය කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා සමාව ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් කර නොමැති බවත් අනාවරණය කළේය.

නිලධාරීන් ජනාධිපතිවරයා නොමඟ යවලද?
මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමඟ යැවීමක් කර තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනකියා සිටියේ, මෙහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ යැවීමක් කර ඇතැයි, පෙනී යන බවය.


වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයවර්ධන , අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන ලේඛන පිරික්සීමේදී අදාළ සමාව ප්‍රදානය කිරීමේ කටයුත්ත එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදු වී ඇතැයි, පෙනී යන්නේ යැයි කියා සිටියේය.

මෙම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම වරදකරුට සමාව ලබාදීමට නිර්දේශ කිරීමේ දී අදාළ කමිටුව විසින් වැරදි සහගත ලෙස කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණයේ, තීන්දුව වැරැදි ලෙස අර්ථකථනය කරමින් අදාළ කමිටුව තම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.


මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල පවතින ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බව මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පෙන්වා දෙනු ලැබීය.

වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටළු සහගත බව විනිසුරු තුරයි රාජා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 20 වැනිදා තෙක් කල් තැබුණි.
-BBC
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka