gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බැසිල්ගේ දැයි නොදන්න මන්දිරයෙන් කොටසක් විනිසුරු පුහුණුවට!

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි චෝදනා නැගුණු එහෙත් මේ වනතුරුත් හිමිකරුවෙක් ඉදිරිපත් නොවුණු මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විනිසුරු පුහුණු ආයතනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

අදාළ ඉඩම සහ නිවස රජයට පවරාගෙන තිබෙන අතර, එම ඉඩමෙන් අක්කර හයක අයිතිය අධිකරණ අමාත්‍යාංශයටද, අක්කර දොළහක අයිතිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙතද පවරා තිබෙන බව වාර්තා වෙයි.

ගම්පහ මල්වානේ පිහිටි අදාළ ස්ථානයේ විනිසුරු පුහුණු ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබිණි.

මල්වානේ අදාළ නිවසට ඉකුත් 2022 මැයි 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබිණි.

විනිසුරු පුහුණු කිරීමේ ආයතනයක් අදාළ නිවස සහ ඉඩමෙහි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඔහුගේ ඉන්දීය සංචාරයෙන් පසුව නිරතවීමට නියමිත බව වාර්තා ‌වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka