ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු නොගෙවීමට පසුගිය වසරේ ගත් තීරණයේ වගකීම අදටත් තමන් භාරගන්නා බව එවක මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පවසයි.
“අනිවාර්යයෙන්ම. අපි ඒක සාමූහිකව ගත්ත තීරණයක්.
ප්‍රධාන වශයෙන් ඒ යෝජනාව ආවෙ මූල්‍ය මණ්ඩලයෙන්. මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඉන්නෙ මහබැංකු අධිපති. ඊට පස්සේ ඒ පිළිබඳ කරුණු මට ඉදිරිපත් කළා මහබැංකු අධිපතිතුමා සහ භාණ්ඩාගාර ලේකම්තුමා.
මට යෝජනා කළාට පස්සෙ – විශේෂඥ මණ්ඩලයක් අපට තිබුණා කුමාරස්වාමි මැතිතුමායි ශාන්ත දේවරාජන් මැතිතුමායි, ෂාමිනී කුරේ මහත්මියයි – ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කළාට පස්සේ මට ලැබුණු තොරතුරු අනුව සහ අපට තිබුණු ඔප්ෂන්ස් ටික එක්ක බලනකොට ඒක තමයි ගත හැකි හොඳම තීරණය”
ප්‍රශ්නය – ඔබ හිතනවා ද අදටත් ඒ තීරණය හරි කියලා?
“අනිවාර්යයෙන්ම. ඒකෙන් තමයි රට නැවත පුනරාගමනයට, ආර්ථික ප්‍රගමනයට ආවේ.”
ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබ දැනටත් ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටිනවාද?
“අනිවාර්යයෙන්ම”