ආණ්ඩුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සේවක අර්ථසාධක අරමුදලේත්, සේවක භාරකාර අරමුදලේත් ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් දියත් කර ඇති බවට තොරතුරු විපක්ෂය වෙත වාර්තා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත.
මේ වන විට පත්කොට ඇති විවිධ කමිටු හරහා මෙම සහාය ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට තොරතුරු එහිදී විපක්ෂය වෙත ලැබී ඇති බව පැවසේ.
මේ වන විට පත්කොට ඇති විවිධ කමිටු හරහා මෙම සහාය ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට තොරතුරු එහිදී විපක්ෂය වෙත ලැබී ඇති බව පැවසේ.
විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් දෙදෙනකු හරහා මෙම සහාය ලබාගැනීමටත්, ඒ සඳහා දැනටමත් ඔවුන් වෙත දැලක් එළීමට පියවර ගෙන ඇති බවත් මෙම තොරතුරු හරහා විපක්ෂයට දැනගැනීමට ලැබී තිබේ.
විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනට ආණ්ඩුවට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, ආණ්ඩුවේ සැලැස්ම වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා මෙම කටයුතු සිදුකර ගැනීමෙන් ආණ්ඩුවට එල්ල වන විරෝධය අකාමකා ගැනීම බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් විපක්ෂයේ ප්‍රධානීන්ද මෙම තොරතුරු පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවක් දැනගන්නට තිබේ.