gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නව මැතිවරණ පනතක් … කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබෙයි

නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත යන පනත් 5ක සංශෝධනයක් ඇතුළත්ව මෙම මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතය.

මැතිවරණයක් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධති (Code of Condutc) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022-12-12 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණි.

එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines)  උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ( විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස ද 2022-12-12 දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

කෙසේ නමුත් මෙම ඉහත සඳහන් පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව යෝජනා වී තිබේ.

ඒ අනුව, අදාළ සංශෝධනයන් ඇතුළත් කරමින් මෙම නව පනත හඳුන්වා දීම සඳහා පනත් කොටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka