gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වෙසක් පුර පසොළොස්වක පොහොය අද!

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදට (05) යෙදී තිබේ.

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබේ.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෘතික සැමරුම ලෙස සැලකෙන වෙසක් මංගල්‍යය වසර ගණනාවකට පසු සුපුරුදු පරිදි සැමරීමට මෙරට ජනතාවට මෙවර අවස්ථාව උදා වී තිබීම විශේෂිතය.

වසර 2019 දී එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය සහ 2020 හා 2021 වසරවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට සුපුරුදු පරිදි වෙසක් වත්පිළිවෙත් ඉටුකිරීමේ අවස්ථාව වැළකී ගියේය.

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී බෞද්ධ බැතිමත්හු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන අතර කොළඹ නගරය සහ ඒ අවට ප්‍රධාන නගර ආශ්‍රිතව දර්ශණීය තොරණ, පහන් කූඩු, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළුව ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට සූදානමින් සිටිති.

ඒ අනුව තොටළඟ, කිරිබත්ගොඩ, කැලණිය, මහරගම, කොට්ටාව, රාජගිරිය ඇතුළු ස්ථාන රැසක වෙසක් තොරණ සහ වෙසක් කලාප ඉදි කර තිබේ.

මේ අතුරින් බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාමය ආශ්‍රිත බුද්ධ රශ්මි වෙසක් කලාපය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙන අතර, රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා උපදෙස් දී තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මේ සඳහා දායක වෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka