gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට රෑ 8ට TV බලන්න! රනිල් මාර්ග සිතියම කියනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

එම විශේෂ ප්‍රකාශය හෙට (01) රාත්‍රී 8.00ට මෙරට ලියාපදිංචි සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ නව මාධ්‍ය අවකාශ ඔස්සේ සමස්ත මහජනතාවගේ දැනගැනීම සහ අවබෝධය උදෙසා විකාශය කිරීමට සැලසුම් කර තිබේ.
 
එමඟින් ශ්‍රී ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහජනතාවට ලබාගත හැකි අතර, එහිදී අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-31


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka