එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතව තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ඇති බවයි.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිත වේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගිය 26 වැනි දා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.
ඒ, සිංගප්පූරුවේ නීතිඥ සමාගමක් මගිනි.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි.
ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවීමට ද පියවර ගෙන තිබේ.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 2021 මැයි 20 වැනි දා ඇති වූ ගින්නෙන් මෙරට සාගර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය.