ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය වැලිකඩ පොලිස් ස්ථානයේ රඳවා තබාගැනීමේ නාම ලේඛනයේ මෙහෙකාරියගේ නම ඇතුළත් කර නැති බවට වැලිකඩ පොලිසිය ඊයේ (19) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත දැනුම් දුන්නේය.
සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ රන් මුදුවක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ඇයගේ නිවෙසේ මෙහෙකාරිය රෝගි වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය යෑමේ සිද්ධිය ඊයේ (19) කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය විය. මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් මෝසමක් ගොනු කරමින් තමාගේ බිරියගේ මරණය සැක සහිත බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසටත් අධිකරණයට දැක්වූ කරුණු අනුව මේ සිද්ධිය අධිකරණය හමුවේ කැඳවිණි.
මෙහිදී මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සේනක පෙරේරා, මංජුල පතිරාජ ඇතුළු නීතිඥවරුන් පවසා සිටියේ මේ සිද්ධියේ විමර්ශන වෙනත් උසස් පොලිස් නිලධාරියකු යටතට පත් කරමින් භාර දෙන ලෙසටය. තවද සැකකරුවන් අත්අඩංවගුවට ගෙන රඳවා තබන්නේ නම් පොලිසිය විසින් ඒ සම්බන්ධිතව නාම ලේඛනයක් පවත්වාගෙන යන බවත් පොලිස් උප සේවා අංශය මඟින් පවත්වාගෙන යනු ලබන මේ රැඳවූවන් රඳවා තබා ගැනීමේ නාමලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ පොලිසියෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වැලිකඩ පොලිසිය පවසා සිටියේ එකී නාම ලේඛනයේ මේ මරණකාරියගේ නම සඳහන් නොවන බවයි.
අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපාරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්ති ප්‍රකාරව විමර්ශන කටයුතු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කළේය. රාජගිරිය රෝයල් ගාර්ඩ්න්හි පදිංචි සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකම සම්බන්ධයෙන් ඉකුත් 11 දින ලද පැමිණිල්ල අනුව බොරැල්ල ප්‍රදේශයේදී සැකකාර මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ස්ථානයට රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් තිබිණි.