gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී මිය යෑම… වැලිකඩ පොලිසියේ නිලධාරීන් 04ක ගේ වැඩ තහනම්… ස්ථානධිපති ඇතුළු නිලධාරීන් 04කට ස්ථාන මාරු…

ඉදිරි පරික්ෂණ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට....
රටේ කවුරුත් දන්නා ආන්දෝලනාත්මක කාන්තා චරිතයක් වූ  සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරික ලෙස සේවය කරද්දී ඇයගේ මුද්දක් සොරකම් කළ බවට චෝදනා කර නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා පහරදීමෙන් පසු එම මෙහෙකාර කාන්තාව මිය යෑමේ  සිද්ධියට සම්බන්ධ වැලිඩක පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කරන ලෙස පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිර්දේශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම නියෝගය පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයේ දී හෙළිදරව් වූ කරුණු මත පදනම් වෙමිනි.


ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන්  වැලිකඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, සහ පොලිස් කොස්තාපල්වරයෙක් වැඩ තහනමට ලක් කර තිබේ.

කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ  පොලිස් කොස්තාපල්වරයෙක් වෙත වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

පොලිස් නිලධාරීන් සිදුකළ විනය විරෝධී කටයුතු පිළිබඳ පොලිස් විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.
අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා දි තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka