gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා පත් කළ ආණ්ඩුකාරවරු ඉවතට – ජනපති පැමිණි පසු අලුත් මුහුණු!

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරුන් ඉවත්වීම, අගමැති ඉවත් වූ විට ඇමැති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසුවා.

එහෙත් වත්මන් ජනාධිපති පත්වූ පසු එම සම්ප්‍රදාය ඉටුකරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවීම නිසා ඔවුන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

එම නිසා පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට ජනාධිපති කාර්යාලය මඟින් දැනුම් දී තිබෙනවා.

ඒ අතරට නැඟෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිතයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka