gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩ්‍රයිවර්ට නින්ද ගිහින් තෙල් බවුසරේ ‌හෙලට පෙරළිලා දෙන්නෙක්ට තුවාලයි! මිනිස්සු ඔක්කොම පැත්තක තියලා බවුසෙරන් තෙල් අරන් ගෙදර ගිහින්! VIDEO

හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසර් රථය අද (06) අලුයම 1.45ට පමණ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව පොලීසිය පැවසීය.

එහිදී නිවසකටද හානි සිදුවී ඇති අතර අනතුරින් බවුසර් රථයේ රියදුරු සහ රිය සහයක සුළු තුවාල ලබා ඇති බව සඳහන් ය.

අනතුරත් සමග බවුසර් රථයේ නිකුත් වූ ඉන්ධන රැගෙන යාමට ප්‍රදේශවාසීන්  එක් රැස්ව සිටි බව වාර්තා වේ.

බවුසර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ප්‍රදේශවාසී කාන්තාවක් සඳහන් කළේ,
“කරදරයක් වුණාම මිනිස්සුන්ගේ මනුස්සකම තියෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හොයන්නේ නැහැ..භාජන ගෙනල්ලා තෙල් අදිනවා. එච්චර පහත් තැනක ඉන්නේ අපේ මිනිස්සු.”





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka