gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිවසේ සිල් ගනිමින් සිටි කාන්තාව දූෂණය කළ තරුණයා ගම්වාසීන් අල්ලා ගනියි

වෙසක් පොහෝ දිනයේ තම නිවසේ සිල් සමාදන් වෙමින් සිටී 47 හැවිරිදි කාන්තාවක් දූෂණයට කළ 27 හැවිරිදි තරුණයෙකු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දූෂණයට ලක් වූ කාන්තාව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වතුර වීදුරුවක් ඉල්ලමින් නිවසට පැමිණ ඇති මෙම තරුණයා නිවසේ කිසිවෙක් නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව දූෂණයට ලක් කර ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ දී කාන්තාවගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණයා අල්ලාගෙන ඇති අතර තරුණයාගේ පියා පැමිණ තරුණයා මුදවාගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් එම තරුණයා සහ පියා වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka