gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්ෂවල මැයි සැමරුව් කොළඹ හා මහනුවර!

මැයි දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි අද (01) සංවිධානය කර තිබේ.

පොහොට්ටු රැලිය – කැම්බල් පිටියේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළිය අද පස්වරු 2.00 ට පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂල මහතා ඇතුලු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත් වේ.

අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ විශාලම මැයි දින සැමරුම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේය.

එජාප රැළිය – සුගතදාස ගෘහස්ථයේ

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළිය ආර්ථිකයේ ආරක්ෂාව තාක්ෂණය යන අංශ මූලික කරගනිමින් 2048 ජයගමු යන තේමාව යටතේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පෙරවරු නවයට පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සජබ රැළිය – ගුණසිංහ ක්‍රීඩාංගනයේ

සමගි ජන බලවේගයේ කම්කරු දින රැළිය, ‘‘වැඩ කරන ජනතාවගේ අරගලය‘‘ යන තේමාව යටතේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ. මැයි පෙළපාලිය පස්වරු 1.00ට මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන බව එම පක්සයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ජවිප රැළිය –  විහාරමහා දේවී උද්‍යානයේ..

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන කම්කරු දින රැළිය රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන තේමාව යටතේ අද පස්වරු 4.00ට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළදී එහි නායක පාර්ලිම්න්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහි පෙළපාලිය විශේෂංශ රැසක් සමග කොළඹ බීආර්සී පිටියෙන් පස්වරු දෙකට ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කළේය

ශ්‍රීලනිප රැළිය – මහනුවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය සවිමත් වෙමු -එක් වෙමු යන තේමාව යටතේ අද පස්වරු දෙකට මහනුවර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වෙන බව එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.

පස්වරු එකට ආරම්භ වන පෙළපාලිය තැන්න කුඹුරල කටුගස්තොටල අම්පිටිය හා ගැටඹේ මාර්ග ඔස්සේ මහනුවරට ළගාවීමට නියමිත බවද ඔහු පැවසීය.

නිදහස ජනතා සභාවේ රැළිය – මහනුවර සහස් උයනේ

නිදහස ජනතා සභාව සංවිධානය කරන කම්කරු දින රැළිය අද පස්වරු 2ට මහනුවර සහස් උයනේදී නිදහස රටට මැයි යන තේමාව යටතේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

උත්තර ලංකා සභාගය ‘‘රට විකුණන පරගැති පාලනයට එරෙහි‘‘ මැයි රැළිය යන නමින් ලෝක කම්කරු දින සැමරුම එහි සභාපති විමල් වීරවංශ මහතා අද පස්වරු 3.00ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වෙන බව එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

පෙරටුගාමි රැළිය – දෙල්කඳ හන්දියෙන් ඇරඹෙයි

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ කම්කරු දින රැළිය ‘‘අයි.එම්එෆ් උගුලට – අමෙරිකානු ඉන්දියානුකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්‘‘ යන තේමාව යටතේ අද පස්වරු තුනට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ආරම්භ කරන බවත් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම්  පුබුදු ජයගොඩ මහතා පැවසීය. එහි පෙළපාලිය පස්වරු 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කිරීමට නියමිතය

වැඩකරන ජනතා ඒකාබද්ධ රැළිය – පී.ඩී. සිරිසේන පිටියේ..


වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි රැළිය අද පස්වරු 3.00ට මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව වෘත්තීය සමිති නායක රවි කුමුදේශි මහතා පැවසීය. ඔවුන්ගේ පෙළපාලිය පස්වරු එකට කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිටින් ආරම්භවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka