සජබය පළමු තීන්දුව ගනී! මන්ත්‍රී කණ්ඩායමෙන් ෆවුසි දොට්ට!
පක්ෂ තීන්දුවට එරෙහිව කටයුතු කිරීම මුල්කරගෙන ඒ.එච්.එම්. ෆවුසි මහතා හට පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආරාධනා නොකිරීමට එම පක්ෂය තීරණය කොට ඇත. ඒ, ෆවුසි මහතාට එරෙහිව ගන්නා පළමු පියවර බව වාර්තා වේ.
අනතුරුව ඒ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද සජබය මේ වනවිට තීන්දු කොට ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබද ඡන්ද විමසීම වර්ජනය කිරීමට පක්ෂය තීන්දු කොට තිබියදී ෆවුසි මහතා පසුගිය සිකුරාදා දිනයේදී ඊට පක්ෂව ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබිණ.
සජබය පළමු තීන්දුව ගනී! මන්ත්‍රී කණ්ඩායමෙන් ෆවුසි දොට්ට!
2023-05-01T13:15:00+05:30
Gossip Lanka Hot News





