ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති “ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලිපියක් භාර දී ඇත.
තවද, අද (09) දිනයේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි.
අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.