gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවේදී මියයෑමේ සිද්ධිය: වැලිකඩ පොලිසියේ OICට මාරුවක්

කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවසේ මෙහෙකාරියක වූ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ආර්.රාජකුමාරිගේ මරණය සම්බන්ධයෙන් එම සිදුවීමට අදාළ වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අද (27) මාරු කර යවා තිබේ.
පොලිස් නිලධාරීන්ගේ අතින් යම් රාජකාරී අතපසුවීමක් හෝ සිතා මතා යම් වරදක් සිදුවී ඇති දැයි අනාවරණය කර ගැනීම සඳහා අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශනයේ නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා විසින් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ.

ඒ, රාජකුමාරිගේ විමර්ශනයට සම්බන්ධ උප පොලිස්පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයෙකුගේය.

මීට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක්, කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ඨාස තුනට ස්ථාන මාරු කර යවා තිබේ.
අදාළ හොරකම සහ කාන්තාවගේ මිය යෑම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර එම විමර්ශන මේවන විට ක්‍රියාත්මකය.

පොලිස් නිලධාරීන් යම් අපරාධමය වරදක් සිදුකර තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් විනය විරෝධී ක්‍රියාවක් කර ඇත්නම් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka