රනිල්ට ශ්‍රී ලන්කන් විශ්වාස නැද්ද? ජනාධිපති වුණාට පස්සේ තාම ශ්‍රී ලන්කන් යානයකට ගොඩවෙලා නෑ! මේ පාර ජපන් ගියෙත් එන්නෙත් වෙනත් ගුවන් සේවාවලින්! EXCLUSIVE
මෙවර ජනාධිපතිවරයා සහභාගි වූ ජපන් සංචාරය සඳහාද ලංකාවේ ජාතික ගුවන් සේවාව වූ ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ගුවන් සේවා ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ජනාධිපතිවරයා මීට පෙර විදෙස් සංචාර කිහිපයකම නිරත වූ නමුත් ඒ කිසිදු අවස්ථාවකදී ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගැනීම මෙහි ඇති විශේෂ කාරණාවය.
මෙවර ජනාධිපතිවරයා පළමුව සිංගප්පූරුවටත්, අනතුරුව ජපානය බලාත් පිටත්ව ගිය අතර, එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයා උපයෝගී කොටගෙන තිබුණේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානාවක් සහ ජපාන ගුවන් සේවයට අයත් යානාවකි. නමුත් මෙම රටවල් දෙකටම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඍජු ගුවන් ගමන් පැවැතීම විශේෂත්වයකි.
එමෙන්ම ජනාධිපතිවරයා ජපාන සංචාරය අවසන් කොට යළි සිංගප්පූරුව බලා නරිටා ගුවන් තොටුපළේ සිට පැමිණීමට නියමිතව ඇත්තේ ජපන් ගුවන් සේවාවට අයත් යානයකිනි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණෙන්නේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානාවකිනි.
ඒ අනුව ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සිදුකළ කිසිදු විදෙස් සංචාරයකදී ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගත්තේ එම යානා සම්බන්ධයෙන් ඇති ගැටලුවක් නිසාද, ගුවන් සේවයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඇති ගැටලුක් නිසාද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට විශාල කුතුහලයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.

-mawratanews
රනිල්ට ශ්‍රී ලන්කන් විශ්වාස නැද්ද? ජනාධිපති වුණාට පස්සේ තාම ශ්‍රී ලන්කන් යානයකට ගොඩවෙලා නෑ! මේ පාර ජපන් ගියෙත් එන්නෙත් වෙනත් ගුවන් සේවාවලින්! EXCLUSIVE
2023-05-28T07:01:00+05:30
Gossip Lanka Hot News