gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ වරායේ වෙඩි තැබීමක්.. අටක් රෝහලේ!

ආරක්‍ෂක අංශ විසින් කොළඹ වරායේ සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කොටුව පොලිසිය සඳහන් කරයි.

කොළඹ වරාය හරහා යන මාර්ගයේ ඉදිකිරීම් ද‍්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු පිරිසකට මෙසේ ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත.

මෙම පිරිස එහි තිබූ භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කර ඇත.

වරායේ 06 වන ගේට්ටුව මෙසේ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.

එම පිරිස් ආරක්ෂක අංශය සතු ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් ආරක්‍ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka